සභාපතිතුමාගේ පණිවිඩය

කටුනායක සීදුව නගර සභාවේ සභාපතිවරයා ලෙස පත් වී වසර දෙකක් ගතවන මේ මොහොතේ කටුනායක සීදුව නගර සභා වෙබ් අඩවිය වෙත හදපිරි සතුටින් යුතුව මෙම පණිවිඩය නිකුත් කරමි.

නාගරික සංවර්ධනය, සෞඛ්‍ය, මංමාවත්, ගොඩනැගිලි, පොදු උපයෝගිතා හා සුබසාධන ‍සේවා සැපයීම ආදී සුවිසල් සේවයක් සිදු කරන නගර සභාව මගින් ඉටු කරගත යුතු මහජන උපයෝගිතා සේවා සම්බන්ධව අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට මෙම වෙබ් අඩවිය මගින් ඔබට හැකියාව ලැබී ඇත.

කටුනායක සීදුව නගර සභා බල ප්‍රදේශයේ දියුණුවට වැදගත් වන යෝජනා හා අදහස් ද අප වෙත යොමු කරන ලෙස ඇරයුම් කරමි. තවද කටුනායක සීදුව නගර සභාවේදී ඔබට නගරයේ අඩුපාඩු ගැටළු පිළිබඳව දැනුම් දීමට මා හමුවිය හැකි අතර පහත සඳහන් කර ඇති දුරකථන අංක මගින් ද මා ඇමතිය හැක.

මතු පරපුරට යහපත් නගරයක් දායාද කිරීමට කටයුතු කිරීම ම‍ගේ අපේක්ෂාවයි.

ගරු සභාපතිතුමා ඇමතිය හැකි දුරකථන අංක

+94 (112) 258078
+94 (776)589145