කටුනායක සීදූව නගර සභාව පරමාර්ථ ප්‍රකාශනය

කටුනායක සීදූව නගර සභාව ග්‍රාම සේවා වසම් 16 කින් යුක්ත වේ.සේවාව පවත්වා ගෙන යාම,මහජන උපයෝගී සේවා පවත්වා ගෙන යාම,පොදු මංමාවත් පිළිබඳ සියළු කටයුතු විධිමත් කිරීම,මහජනයාගේ පහසුකම් හා සුඛවිහරණ කටයුතු පවත්වා ගෙන යාම,ප්‍රදේශයේ අලංකාරය ආරක්ෂා කිරීම හා වර්ධනය,පාලනය හා පරිපාලන කටයුතු කිරීම මෙම සභාව වෙත පැවරී ඇති වගකීම් සම්භාරයකි.

එබැවින් සභාවේ පරමාර්ථය වන්නේ ව්‍යවස්ථාපිතව පැවරී ඇති උක්ත වගකීම් නීත්‍යානුකූලව හා ඵලදායී ලෙස ඉටුකිරීමයි.,

  1. නගර සභා ආඥා පනත අනුව පැවරී ඇති ලිඛිත නිශ්චල විධිවිධානයන් ක්‍රියාත්මක කිරීම.
  2. වෙනත් ලිඛිත නීති රීති රෙගුලාසි සහ චක්‍රලේඛවල ඇති විධානයන් ක්‍රියාත්මක කිරීම.
  3. බෝවන රෝග හා වසංගත ඇතිවීම වැළැක්වීම.
  4. සෞඛ්‍ය අධ්‍යාපනය හා මාතෘ, ළමා සෞඛ්‍ය වර්ධනය කරලීම හා ආරක්ෂා කිරීම.
  5. අන්තරාදායක හා අප්‍රසන්න වෙළඳ ව්‍යාපාර විධිමත් කිරීම හා පාලනය කිරීම.
  6. විකිණීමට තබා ඇති ආහාර ද්‍රව්‍ය පිළිබඳ තත්ව පාලනයක් ඇති කිරීම.
  7. මහා මාර්ග,කාණු,පදික වේදිකා,බෝක්කු,දිය අඟල් ආදිය ඉදිකිරීම හා නඩත්තු කිරීම.
  8. ගොඩනැගිලි හා ස්ථිර ඉදිකිරීම් විධිමත් කිරීම හා පාලනය කිරීම.
  9. පොදු වෙළඳපලවල් පිහිටුවා පවත්වාගෙන යාම.
  10. වීදි ආලෝකය සැලසීම.
  11. සුසාන භූමි හා ආදාහනාගාර පවත්වා ගෙන යාම.
  12. පුස්තකාල සේවා පවත්වා ගෙන යාම.
  13. ළදරු පාසැල් පවත්වාගෙන යාම.
  14. ක්‍රීඩාපිටි ඇති කිරීම හා පවත්වා ගෙන යාම.
  15. විවිධ කාර්යයන් සඳහා අවශ්‍ය අතුරු ව්‍යවස්ථා පැනවීම.
  16. පාරිසරික පවිත්‍රත්වය ආරක්ෂා කිරීම සහ පවත්වා‍ ගෙන යාම.
  17. මහජන සුඛ විහරණය සඳහා නගර සභා පනතේ ඉඩ දී ඇති සීමාව තුල අවශ්‍ය කටයුතු සැලසීම.
  18. ජාතික සංවර්ධන කටයුතු වලදී මධ්‍යම ආණ්ඩුවට අවශ්‍ය සහාය පළාත් සභාව මඟින් සැපයීම.
  19. ප්‍රදේශයේ ජනතාව ගෙවන බදු මුදලේ ප්‍රතිලාභ හැකි උපරිම අයුරින් ආපසු ඔවුන් වෙත ලබාදීම

යනාදී සියල්ලන් අරමුණු කොට ඇත.