කටුනායක සීදූව නගර සභාව සංස්ථාපනය කිරීම

කටුනායක සීදූව නගර සභාව සංස්ථාපනය කිරීමට පෙර මෙම ප්‍රදේශය අයත්ව තිබුණේ ආඩිඅම්බලම ගම් සභා බල ප්‍රදේශයටයි.

1970 ජූලි මස 15 වන දින අංක 149114/7 දරණ විශේෂ ගැසට් පත්‍රය මඟින් කරන ලද නිවේදනයකට අනුව ආඩිඅම්බලම ගම් සභා බල ප්‍රදේශයෙන් පහත සඳහන් ප්‍රදේශ ඉවත් කරන ලදී.

  • 142 – කුරණ කටුනායක
  • 143- කටුනායක
  • 144 – ලියනගේමුල්ල
  • 145 – මූකලන්ගමුව,බණ්ඩාරවත්ත
  • 146 – අම්බලන්මුල්ල
  • 147/148 – අමන්දො‍ළුව
  • 155 – සීදූව

1970 ජූලි මස 15 වන දින අංක 149114/7 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් කරන ලද නිවේදනයකට අනුව 1971.01.01 දින සිට කටුනායක සීදූව නගර සභාව ආරම්භ කරන ලදී.

පහත සදහන් ග්‍රාමසේවා වසම් මෙම බල ප්‍රදේශයට ඇතුළත් කරන ලදී.

  • 142 – කුරණ කටුනායක
  • 143 – කටුනායක
  • 144 – ලියනගේමුල්ල
  • 145 – මූකලන්ගමුව,බණ්ඩාරවත්ත
  • 146 – අම්බලන්මුල්ල
  • 147/148 – අමන්දො‍ළුව
  • 155 – සීදූව
  • 149/150 – ඇවරිවත්ත හල්ගස්තොට (කොටසක්)