දැක්ම (vision),

“රටේ ජාතික අවශ්‍යතාවයන්ට ගැලපෙන දැනුමෙන් පිරිපුන් ඵලදායි සමාජයක්”

මෙහෙවර ප්‍රකාශය (Mission),

උපදේශකයකු, මෙහෙයවන්නෙකු හා මිත්‍රයකු ලෙස නිර්මාණශිලීවක්‍රියා කරමින් , දැනුම කරා පිවිසිමේ දොරටුවක් වශයෙන්,අධ්‍යාපනික, සංස්කෘතික, සමාජ, දේශපාලනික හා අධ්‍යාත්මික පෝෂණ ඵලදායිතා ඒකකයක් ලෙස ක්‍රියා කිරීම අපගේ මෙහෙවර වේ.

අගයන් (Value), 

  • විෂයානුබද්ධ කුසලතා
  • කණ්ඩායම් හැගීම
  • ධනාත්මක ආකල්ප
  • නිර්මාණශීලීත්වය
  • පරිසර හිතකාමි බව හා හරිත ඵලදායිතා බව
  • සංස්කෘතික ශ්‍රී විභූති

අරමුණු 

  • නුවණින් ගුණයෙන් දැනුමෙන් පෝෂණය වු සදාචාරාත්මක බුද්ධිමත් පරපුරක් බිහි කිරීම.
  • බලප්‍රදේශයේ ජනතාවගේ දැනුම හා තොරතුරු අවශ්‍යතා සපුරා ලීම.
  • පුහුණු කාර්යමණ්ඩලයකින් ආකර්ෂණීය සුහඳ සේවාවක් සැපයීම.
  • නවීන තොරතුරු තාක්ෂණය භාවිතයෙන් කාර්යක්ෂම හා කාලීන තොරතුරු සේවාවාක් සැපයීම.
  • දැයේ අනාගත උරුම කරුවන් වන දූ දරුවන්ගේ කියවීමේ රුචිකත්වය වර්ධනය කිරීම.
  • සචේතනික හා අචේතනික සැය අසීමාන්විතව අලෙවි වන තරඟකාරී ජීවන රටාවෙන් වෙහෙස වු මිනිසුන්ගේ ජීවන සංතර්පණය උදෙසා පොත් පරිශීලනය ආදේශ කිරීමෙන් කියවීමේ රුචිකත්වය වර්ධනය කිරීම.

විවෘතව පවතින වේලාව– සඳුදා සිට සෙනසුරාදා දිනයන්හී පෙ.ව.8.30-5.30 දක්වා